ලොව වේගවත්ම සර්පයා – කළු මම්බා
වේගවත් බවත්, විෂ සහිත බවත්, විශාලත්වයත් යන ත්‍රිත්වයම කැටි වූ බිහිසුණු සර්පයකු ලෙස කළු මම්බා හැඳින්විය හැකිය. ලොව වේගවත්ම භෞමික සර්පයාට හිමි ලෝක වාර්තාවට හිමිකම් කියන කළු මම්බාගේ වේගය පැයට සැතපුම් 12ක් (පැයට කි.මී.20ක්) පමණ වේ. එසේම පහර දීමේදී ද අධික වේගයෙන් පහර දීමේ හැකියාව පවතින අතර නොනවත්වා වාර 12ක් පමණ නැවත නැවත පහර දීමේ හැකියාවත් ඒ සෑම වතාවකම මාරාන්තික විෂ ප්‍රමාණයක් ගොදුරට ඇතුළු කිරීමටත් මොවුන්ට හැකියාව තිබේ.
වේගවත්ම සර්පයා හැරුණු විට මොවුන් ලෝකයේ උග්‍ර විෂ සර්ප කාණ්ඩයේ ඉහළින්ම සිටින සර්ප විශේෂයකි. උප සහරානු අපි‍්‍රකාවට ආවේණික සර්පයකු වන කළු මම්බා ප්‍රචණ්ඩකාරී සර්පයකු බැවින් වහා පහර දීමට පෙලඹෙන්නෙකි. ඒ නිසා අපි‍්‍රකාවේ වඩාත්ම බියකරු සර්පයා වන්නේද කළු මම්බාය. එසේම ලෝකයේ උග්‍ර විෂ සර්පයන් අතරින් විශාලත්වයෙන් දෙවැනි තැන හිමිකර ගන්නේද කළු මම්බාය.
විද්‍යාත්මක තොරතුරු
Kingdom:Animalia
Phylum:Chordata
Class:Reptilia
Order:Squamata
Suborder:Serpentes
Family:Elapidae
Genus:Dendroaspis
Species:D. polylepis
Binomial name:Dendroaspis polylepis
..................................................................
ලොව උග්‍රතම විෂ සහිත භෞමික සර්පයා – ඉන්ලන්ඩ් තායිපෑන්
ලොව උග්‍රතම විෂ සහිත භෞමික සර්පයා – ඉන්ලන්ඩ් තායිපෑන්
ඉන්ලන්ඩ් තායිපෑන්
ඉන්ලන්ඩ් තායිපෑන් හෝ වෙස්ටර්න් තායිපෑන් එසේත් නැතිනම් බිහිසුණු සර්පයා යන නම්වලින් හඳුන්වන මේ සර්ප විශේෂය ලොව සිටින උග්‍රතම විෂ සහිත භෞමික සර්පයාට හිමි ලෝක වාර්තාවට හිමිකම් කියනු ලබයි.
මේ සර්පයාගේ තවත් විශේෂත්වයක් වන්නේ මිලි ග්‍රෑම් 110 ක පමණ විෂ ප්‍රමාණයක් එක් දෂ්ඨනයකදී ගොදුරට ඇතුළු කිරීමේ ඇති හැකියාවයි. ඉන්ලන්ඩ් තායිපෑන් එක් දෂ්ඨනයකදී නිකුත් කරන විෂ ප්‍රමාණයෙන් මීයන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් හෝ වැඩුණු මිනිසුන් 183ක් මරා දැමීමේ හැකියාව පවතී. තවත් ආකාරයකින් පැවසුවොත් මෙම සර්පයා සාමාන්‍ය නාගයකු මෙන් 75 ගුණයක් විෂ සහිතය.
නැගෙනහිර මධ්‍යම ඔස්ට්‍රේලියාවට ආවේණික එහි ශුෂ්ක ප්‍රදේශවල ජීවත්වන මෙම සර්ප විශේෂය ප්‍රචණ්ඩකාරී නොවන කුලෑටි සර්ප විශේෂයක් වුවත් යම් හෙයකින් දෂ්ඨනයට ලක් වුවහොත් සහ නියමිත වේලාවට ප්‍රති විෂ එන්නත් නොලැබුණොත් ඒකාන්තයෙන් මිනිත්තු 45ක් ඇතුළත නියත මරණය හිමිවේ.
විද්‍යාත්මක තොරතුරු
.....................................
Kingdom:Animalia
Phylum:Chordata
Class:Reptilia
Order:Squamata
Suborder:Serpentes
Family:Elapidae
Genus:Oxyuranus
Species:O. microlepidotus
Binomial name:Oxyu microlepidotus
No comments:
Post a Comment